Latestදේශීය

පස් කන්දක් කඩාවැටී තරුණියන් දෙදෙනෙක් මියයයි

පැවති අයහපත් කාලගුණ තත්ත්වය සමග ඇතිවූ වර්ෂාව නිසා  අද සවස නිවසක් මතට පස් කණ්ඩියක් කඩා වැටී  එකම පවුලේ ඥාති සහෝදරියන් දෙදෙනෙක් මියගොස් තිබෙනවා.

හාලිඇල, උඩුවර 6 කණුව, මුගුණුමත ග්‍රාම නිළධාරි වසමේ පිහිටි නිවසක් මෙලෙස ආපදාවට ලක්ව ඇති බවයි පොලීසිය සදහන් කරන්නේ.

සිද්ධිය වාර්තාවීමත් සමග පොලීසිය සහ යුද හමුදාව ප්‍රදේශවාසීන්ගේ ද සහය ඇතිව අනතුරට පත්වූවන් මුදාගැනීමේ මෙහෙයුම් දියත් කර තිබෙනවා. බරපතල තුවාල ලබා සිටි තරුණියන් දෙදෙනා මුදාගෙන රෝහල් ගතකිරීමට කටයුතු කර ඇතත් ඒ වනවිටත් ඔවුන් මියගොස් සිටි බවයි වාර්තා වන්නේ.

අනතුරෙන් මියගිය තරුණියන් වයස අවුරුදු 18 සහ 21 වන වියේ පසුවූ බවයි පොලීසිය පවසන්නේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *