හඳුනා නොගත් රෝගයක් උගන්ඩාවේ පැතිරයයි – 12දෙනෙක් මියයයි
හඳුනා නොගත් රෝගයකින් උගන්ඩාවේ මධ්‍යම කලාපයේ කියෝටෙරා දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 12 දෙනෙකු පමණ මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
එරට සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ සති දෙකක කාලයක් තුළදී , හඳුනා නොගත් රෝගයක් හේතුවෙන් මෙලෙස පුද්ගලයින් මියයමින් පවතින බවයි.
මෙම රෝගය නිසා බලපෑමට ලක් වූ රෝගීන් මිය යාමට දින කිහිපයකට පෙර සම මත කුෂ්ඨ ඇති වී අතර එය පුළුල් ලෙස ශරීරය පුරා පැතිර තිබේ. එමෙන්ම රෝගීන් කිහිපදෙනෙකුගේ අතපය ඉදිමී තිබූ බවටද සෞඛ්‍ය බලධාරීන් අනාවරණය කරගෙන ඇත.
තවද එම රෝගයෙන් මිය ගිය රෝගියෙකුගේ රුධිර සාම්පල ලබාගෙන එහි පරීක්ෂණ කටයුතු මේ වන විටආරම්භ කර ඇත.
ඇතැම් රෝගීන් පාරම්පරික වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවී ඇති අතර එරට බටහිර වෛද්‍ය ප්‍රතිකර ප්‍රතික්ෂේප කරමින් පවතින බවද සදහන්.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

