Latestදේශීය

උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු සීමා කෙරේ

හෙට (23) සිට උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු සීමා කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව නැවත දැනුම්දෙනතුරු බදුල්ල දක්වා ධාවනය වන දුම්රිය සියල්ල නානුඔය දක්වා පමණක් ධාවනය කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ.

දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග මෙම තීරණය ගෙන ඇති බවයි.

පවතිනඅධික වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමග උඩරට දුම්රිය මාර්ගයේ නායයෑම් සහ ගල් පෙරළීම් සිදුවන නිසා මෙම තීරණය ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *