Latestදේශීය

ක්‍රීඩා ඇමතිකමට සූදානම් – එස් බී දිසානායක

ක්‍රීඩා ඇමති ධුරය තමන්ට ලබා දුන්නොත් එම අභියෝගය භාර ගැනීමට තමන් සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා සඳහන් කරයි.

එම අභියෝගය භාරගන්යේ එය භාර දෙන්නේ නම් පමණක් බවද පවසන මන්ත්‍රීවරයා එහි අදහස රොෂාන් රණසිංහ මහතා ක්‍රීඩා ඇමති ධුරයෙන් ඉවත් කිරීම සුදුසුය යන්න නොවන බවත් කියා සිටියේය.

ක්‍රීඩා අමාත්‍ය ධුරය ලබා දුන්නද ඒ සමගම අධ්‍යාපන අමාත්‍යංශය ද ලබා දි යුතු බව ද පවසන ඒ මහතා ක‍්‍රීඩාවේ තවාන අධ්‍යාපනය හෙවත් පාසල බැවින් එය එම විෂයන් දෙක එක්ව තැබිය යුතු බවත් පවසයි.

ක‍්‍රීඩා ඇමති ධුරය ලැබෙන්නේදැයි මාධ්‍ය කල විමසීමකට ප‍්‍රතිචාර ලෙස ඔහු මෙම අදහස් පල කරන ලදී.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *