Latestදේශීය

කුසුමලතා මහගම සේකර දිවිසැරිය නිමකරයි

ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රයේ මහා පෞරුෂය වූ අභාවප්‍රාප්ත මහගම සේකරයන්ගේ ප්‍රිය බිරිඳ කුසුමලතා මහගම සේකර මහත්මිය (21) අභාවප්‍රාප්ත විය.

මිය යනවිට ඇය 88වන වියේ පසුවිය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා උපාධිධාරිනියක් වූ ඇය දීර්ඝ කාලයක් භාෂා හා සාහිත්‍ය ගුරුවරියක වශයෙන් දිවයිනේ පාසල් රැසක සේවය කර ඇත.

මහජන ගෞරවය සදහා දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ ‘රෙස්පෙක්ට්’ පරිශ්‍රයේ නොවැම්බර් 24 වන සිකුරාදා පෙරවරු 10:00 සිට තැන්පත් කර තබනු ලැබේ.

දේහය පිළිබඳ අවසන් කටයුතු නොවැම්බර් 25 වන සෙනසුරාදා පෙරවරු 10:30ට බොරැල්ල පොදු සුසාන භූමියේ, කිතුල්වත්ත පාර පිවිසුමේ පිහිටි ආදාහනාගාරයේදී සිදු කෙරේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *