Latestවිදේශීය

දකුණු අප්‍රිකාව ඊශ්‍රායලය සමග ඇති සබඳතා අත්හරිනවා – සිරිල් රැම්පෝසා

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ, ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන් මියයෑම සම්බන්ධයෙන්, ඊට විරෝධය පළ කිරීමක් ලෙස, ඊශ්‍රායලය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නැවැත්වීමට දකුණු අප්‍රිකා ජනාපධිති සිරිල් රැම්පෝසාගේ රජය තීරණය කර තිබේ.

එම තීරණය සම්බන්ධයෙන්, ඊට අදාල යෝජනාව, දකුණු අප්‍රිකා පාර්ලිමේන්තුවට යොමු කෙරුණු අතර, ඡන්ද විමසුමක් ද පැවැත්විණි.

එම යෝජනාවට පක්ෂව ඡන්ද 248ක් හිමිවුණු අතර විරෝධය දැක්වූයේ 91 දෙනකු පමණි.

ඒ අනුව, ඊශ්‍රායලයේ දකුණු අප්‍රිකා තානාපති කාර්යාලය ඉවත් කර ගන්නා බව දකුණු අප්‍රිකාව පවසා තිබේ.

@ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *