Latestදේශීය

පැය 16ක ජල කප්පාදුවක්

හෙට (24) දිනයේ පැය 16ක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ, කොළඹ 11, 12, 13, 14, හා 15 යන ප්‍රදේශවලට ය.

හෙට පස්වරු 5.00 සිට අනිද්දා (25) පෙරවරු 9.00 දක්වා පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.

ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරන්නේ අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුකෙරෙන බවය.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *