බයිනෑන්ස් ප්‍රධානියා ඉල්ලා අස්වේ – ක්‍රිප්ටෝ කරන්සි අවධානමක
ප්‍රධානම ක්‍රිප්ටෝ මුදල් ඒකක හුවමාරුවේ ප්‍රධානියා මුල්‍ය විශුද්ධිකරණ සම්බන්ධයෙන් වරද පිළිගෙන එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ලෝකයේ විශාලතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරු වන බයිනෑන්ස් වෙත ඩොලර් බිලියන හතර හමාරකට ආසන්න මුදලක් දඩයක් හා දඩ හා රාජසන්තක කිරීමට ද යටත් වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ බයිනෑන්ස් විසින් ලොව පුරා සම්බාධක හා බදු මගහැරීමට උදව් කර ඇති බවයි.
මෙම මුදල් හුවමාරුව හරහා ත්‍රස්තවාදීන් හා අපරාධකරුවන්ට මුදල් ගෙනයාම පහසු වී ඇති බවත් වාර්තාවන් කියයි.
මොහුගේ ඉල්ලා අස්වීමත් සමග ක්‍රිප්ටෝ මුදල් ඒකක වල වටිනාකම වේගයෙන් පහළ යමින් තිබේ.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

