Latestවිදේශීය

ඉතාලි මාෆියා සාමාජිකයින් 200කට වසර 2200ක සිර දඩුවම්

ඉතාලියේ අධිකරණයක් විසින් මාෆියා කල්ලි සාමාජිකයින් පිරිසකට එරෙහිව සුවිශේෂී නියෝගයක් ලබාදුන් බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

එහි සඳහන් වන්නේ මාෆියා කල්ලි සාමාජිකයින් 200 දෙනෙක් ට එරෙහිව පැවති නඩු විභාගයකින් අනතුරුව ඔවුන්ට වසර 2,200ක සිර දඬුවම් (එකිනෙකාට දුන් දඬුවම් වල එකතුව) නියෝග කර තිබේ.  

‘Ndrangheta’ නම් මාෆියා කණ්ඩායම ට සම්බන්ධ බවට චෝදනා ලැබූ පුද්ගලයින්ට එරෙහිව වසර 3ක් පුරා පැවති නඩු විභාගයකින් අනතුරුව එම තීන්දුව ප්‍රකාශයට පත්කර තිබේ.

දඬුවම් ලැබූ චූදිතයින් අතර ඉතාලි සෙනෙට් සභාවේ හිටපු සභිකයෙක් ද වෙයි.  

මෙම තීන්දුව සඳහා අභියාචනයක් ඉදිරිපත් කළ හැකිය.

‘Ndrangheta’ යුරෝපයේ ප්‍රබලම අපරාධ කණ්ඩායම් අතරින් එකකි. මංකොල්ලකෑම, පුද්ගල පැහැරගැනීම්, ඝාතන සහ මත්ද්‍රව්‍ය ජාවාරම ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය වෙයි. 

Giancarlo Pittelli නම් එම හිටපු සෙනෙට් සභිකයා හිටපු අගමැති සිල්වියෝ බර්ලුස්කෝනි ගේ පක්ෂය වන Forza Italia පක්ෂයේ සාමාජිකයෙකි.

ඔහුට එරෙහිව වසර 11ක සිර දඬුවමක් නියෝගකර තිබේ.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *