ජනාධිපති වැය ශීර්ෂය සම්මතයි
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පාර්ලිමේන්තුවේදී ඊයේ(22) පස්වරුවේ වැඩි ඡන්ද 59කින් සම්මත විය.
වැය ශීර්ෂයට පක්ෂව ඡන්ද 62ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද තුනක් පමණි.
ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය සඳහා ඡන්ද විමසීමක් අවශ්‍ය බව කතානායකවරයාට දැන්වීය. ඡන්ද විමසීම පැවැත්වුණේ ඒ අනුවය.
අයවැයෙන් හිටපු ජනාධිපතිවරුන් සදහා ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයෙන් මුදල් වෙන් කිරීමට විරෝධය පළ කරමින් අනුර දිසානායක මහතා මෙලෙස ඡන්දයක් ඉල්ලා සිටියේය.
වැය ශීර්ෂයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් තිදෙනා පමණි.
සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු ඡන්දය විමසන අවස්ථාවේදී සභාවේ නොසිටියහ.
ජනාධිපති, අගමැති කාර්යාලය, උපරිමාධිකරණවල විනිශ්චකාරවරු, අමාත්‍ය මණ්ඩල කාර්යාලය, රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලය, අධිකරණ සේවා කොමිෂන් සභාව , ජාතික පොලිස් කොමිෂන් සභාව, පාර්ලිමේන්තුව ඇතුළු ආයතන 25 ක වැය ශීර්ෂ පාර්ලිමේන්තුවේදී ඊයේ(22) දවස පුරා විවාදයට ගැනිණ.
@ලංකාදීප
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

