Latestදේශීය

බ්‍රිතාන්‍ය මහකොමසාරිස් සහ අනුර කුමාර දිසානායක හමුවේ

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘෘ පැට්‍රික් (Andrew Patrick) සහ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අතර හමුවක් ඊයේ (22) පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී සිදු විය.

මේ අවස්ථාව සඳහා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ දේශපාලන අංශයේ පළමු ලේකම් ටොම් සොපර් (Tom Soper) සහ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් එක්ව සිටියහ.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික හා දේශපාලන තත්වය දීර්ඝ ලෙස දෙපාර්ශ්වයේ සාකච්ඡාවට බඳුන් වී තිබේ. මැතිවරණ නොපැවැත්වීමේ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවිරෝධී හැසිරීම ජාතික ජන බලවේගය විසින් මෙහිදී විශේෂ අවධානයට ලක්කර ඇත.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *