Latestදේශීය

මුලතිව් සමූහ මිනීවලේ දැනට සිරුරු 19ක් හමුවී ඇත

(වන්නි රොමේෂ් මධුෂංක)

මුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිණීවලේ කැනීම් කටයුතු නැවත වරක් අරඹා ඇති අතර (22) තෙවන දිනටත් කැනීම් කටයුතු සිදුවන බවට මුලතිව් පොලීසිය පැවසීය.

පසුගිය සැප්තැම්බර් 06 වනදා සිට සැප්තම්බර් 15 වනදා දක්වා මෙම සමූහ මිණීවලේ සිදුකරන ලද කැනීම් වලදී මළසිරුරු කොටස් 17 ක් හමු වූ අතර කැනීම් කටයුතු තාවකාලික නවතා දැමීමට මුලතිව් අධිකරණය මගින් නියෝග කරන ලදි.

කෙසේ වෙතත් කැනීම් කටයුතු නැවත පසුගිය 20 වනදා සිට ආරම්භ කරන ලද අතර ගෙවුනු දින දෙකක කාලය තුලදී මළිසිරුරු 2 ක් හමුව ඇති අතරම සම්පූරණ මළසිරුරු 19 ක් මේදක්වා හමුව ඇතැයිද පොලීසිය පවසයි.

මුලතිව් මහෙස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන් මහතාගේ ප්‍රධානත්වයෙන් කැනීම් කටයුතු ආරම්භ කෙරුනු අතර මුලතිව් මහරෝහලේ අධිකරණ වෛද්‍ය කේ. වාසුදේව පුරාවිද්‍යා නිලධාරීන් හා ප්‍රදේශභාර ග්‍රාමසේවක,අවසරලත්  සිවිල් සංවිධාන නියෝජිතයින් හමුවේ මෙම කැනීම් කටයුතු සිදුකරනු ලබයි.

කැනීම් කටයුතු භාරව සිටින්නේ පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේව මහතා ඇතුලු පුරාවිද්‍යා නිලධාරීන් කණ්ඩායමක් වන අතර අද (22) දිනයේ සිට ඉදිරි දින කිහිපය පුරාද කැනීම් කටයුතු සිදුකිරීමට පියවර ගෙන ඇත.

මේ දක්වා හමුවූ මළසිරුරු කොටස්වලට අමතරව යුදසමයේදී භාවිතාකරන ලද පතුරම්, ගිනිඅවි කොටස් නිලඇඳුම් වැනි දෑද හමුවී ඇති අතරම මෙම ස්ථානය යුද්දයෙන් මිය ගිය එල්.ටී.ටී.ඊ . සාමාජිකයින් පිරිසකගේ සුසාණ භූමියක් බවටද ප්‍රදේශවාසීණ් සැකපල කර සිටියි.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *