Latestදේශීය

ක්‍රිකට් ආයතනයේ සල්ලි වලට පෙරේතයෝ මගේ ඇමතිකමට කෙළ හලනවා – රොෂාන් රණසිංහ

ක්‍රිකට් ආයතනය සල්ලිවලට පෙරේත කමින් තමන්ගේ ඇමතිකමට කෙළ හළන පිරිසක් ආණ්ඩුව ඇතුලේම සිටින බව ක්‍රීඩා යෞවන කටයුතු හා වාරිමාර්ග ඇමති රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි.

ක්‍රිකට් ආයතනයේ පිරිස් හොරකමින් සොයාගත් සල්ලි පාවිච්චි කර තමන් මරා දැමීමට හැකි තත්වයක්ද පවතින බවත් ඔහු කියා සිටියි.

ක්‍රිකට් ආයතන විසින් ජාත්‍යන්තර ක‍්‍රිකට් ආයතනයට යැවූ ලිපි ලංකාවේ නීතියට විරුද්ධ බවත් අධිකරණයත් නොමඟ යවා ඇති බවත් ඔහු කියා සිටියි.

ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් තමන් ගැන බොරු ප්‍රවෘත්ති හදන බවත් මේ පසුපස සිටින්නේ කවුදැයි ජනාධිපති දැනගත යුතු බවත් පවසන ඔහු ජූලි නවය වෙනත් කිසිවකු ජනාධිපති එක්ක නොසිටි බවත් මුල මතක නම් තමන්ගේ ඇමතිධුරය ගලවන එකක් නැති බවටත් ඔහු සඳහන් කළේය.

ජනාධිපති කාර්යාලයේ පමණක් නොව දැන් තම අමාත්‍යංශයේ ආහාරපාන ගැනීමත් සිදු නොකරන බවත් ඒ පිළිබදවද සැක මතුව ඇති බවත් පවසන රණසිංහ අමාත්‍යවරයා පාතාලයේ වචන වලින් ගහලා දානවා කියා පවසන ශම්මි සිල්වාගේ ක්‍රියාකලාප නිසා තම පවුලේ අනාගතය පිළිබදව ඇති අවධානම බරපතල තැනක පවතින බවද පවසනවා.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකදි ඔහු මෙම අදහස් පළ කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *