Latestදේශීය

පලස්තීන ජනසංහාරය වහා නවතනු – ජන අරගල ව්‍යාපාරය

ඊශ්‍රායල-ඇමරිකන් හවුල විසින් ගාසා තීරයේ සිදු කරන ම්ලේච්ඡ මිනිස් සංහාරය නතර කරන ලෙසත් පලස්තීනයට නිදහස දෙන ලෙසත් බල කරමින් කොළඹ, ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට අද (24) ජන අරගල ව්‍යාපාරය විසින් උද්ඝෝෂණයක් පවත්වන ලදි.

පලස්තීනය අමු සොහොන් පිටියක් කරමින් ඇමරිකාවේ පූර්ණ ආශිර්වාදය මත ඊශ්‍රායලය කරන මිනිස් සංහාරය තුළින් දරුවන් 5000ක් ඇතුළු මිනිස් ජීවිත 15000ක් අමු අමුවේ ඝාතනය කර ඇති බවත් පලස්තීනයේ මාධ්‍යවේදීන් 49 දෙනෙක්ද මරා දමන්නට ඊශ්‍රායෙල් හමුදාව ඉතා දැනුවත්ව කටයුතු කර ඇති බවත් පැවසූ ජන අරගල ව්‍යාපාරයේ ක්‍රියාකාරීන් වහාම මෙම කෲර ඝාතන සංස්කෘතය නවතා දැමිය යුතු බව අවධාරනය කරන ලදි.

මෙම අවස්ථාවේදී උද්ඝෝෂණය නවතාලන්නට ක්‍රියාකළ පොලීසිය උද්ඝෝෂණයේ නිරථව සිටි තිදෙනෙක් සහ පසුව ඒ පිළිබදව විමසන්නට ගිය දෙදෙනෙක් අත්අඩංගුවට ගන්නා ලදි.  


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *