පස්සරට සහ ඕපනායක ,වැලිගෙපොළ ,කොලොන්න ,ඉඹුල්පේ සහ බලංගොඩට නායයෑමේ රතු නිවේදන
බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රදේශයේ ස්ථාන කිහිපයකට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඕපනායක ,වැලිගෙපොළ ,කොලොන්න ,ඉඹුල්පේ සහ බලංගොඩ යන ප්‍රදේශවලට නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබෙන බව වාර්තා වේ.
එමෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ තවත් ප්‍රදේශ රැසකටත් ,ගම්පහ ,හම්බන්තොට ,මහනුවර ,කෑගල්ල ,කුරුණෑගල ,මාතර ,මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකටත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයෑමේ නිවේදන නිකුත් කර ඇති අතර එය අද (24) සවස 3.30 දක්වා බලපැවැත්වෙනු ඇති.



Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

