Latestදේශීය

පාස්කු ප්‍රහාරයට අදාළව සිදු කෙරෙන විමර්ශන කටයුතු වලින් 90%ක් අවසන්

පාස්කු ප්‍රහාරයට අදාළව සිදු කෙරෙන විමර්ශන කටයුතු වලින් 90%ක් අවසන් කර ඇති බව වාර්තා වේ.මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඊයේ (23) ආරක්ෂක අමාත්‍යංශයේ සහ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ වැය ශීර්ෂයන් පාර්ලිමේන්තුවේදී විවාදයට ගත් අවස්ථාවේ මේ බව සදහන් කර තිබේ.

දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් ආරක්ෂක අමාත්‍යංශයේ වැය ශීර්ෂයට එරෙහිව ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අතර, වැය ශීර්ෂයට පක්ෂව ඡන්ද 76ක්ද, විරුද්ධව ඡන්ද 08ක්ද හිමි වුණා.අද (24) පාර්ලිමේන්තුවේදී විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයට අදාළ වැය ශීර්ෂයන් විවාදයට ගැනීමට නියමිතයි. 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *