Latestදේශීය

පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවන් 20කට අධික සංඛ්‍යාවක් මියයාම බරපතල තත්ත්වයක් – මානව හිමිකම් කොමිසම

පොලිස් අත්අඩංගුවට පත්ව සිටින සැකකරුවන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා නව මාර්ගෝපදේශ මාලාවක් සකස් කළ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සඳහන් කරනවා.
මෑත කාලීනව පොලිස් අත්අඩංගුවේ සිටියදී සැකකරුවන් ජීවිතක්ෂයට පත්වීම ඉහළ යාම සලකා බලමින් එම පියවර ගත් බවයි මානව හිමිකම් කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා මහතා පවසන්නේ.

2023 වසරේ මේ දක්වා කාලය තුළ පමණක් පොලිස් අත්අඩංගුවේ සිටියදී පුද්ගලයින් 20කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බව පුංචිහේවා මහතා වැඩිදුරටත් සඳහන් කළා. ලබන මස 11 වැනිදා ලෝක මානව හිමිකම් දිනයට සමගාමීව එම මාර්ගෝපදේශ එළිදැක්වීමට බලාපොරොත්තු වන බවයි නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කරන්නේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *