මත්ද්‍රව්‍ය මැඩලීමට නව වැඩපිළිවෙලක්
දිවයිනේ ප්‍රදේශීය ලේකම් කාර්යාල 300ක් ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් ආරම්භ කිරීමට සූදානම් බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සදහන් කරයි.ඒ අනුව එම ප්‍රාදේශීය ලේඛම් කාර්යාල 300 ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතු සදහා නිලධාරියෙකු පත් කෙරෙනු ඇති.
අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති ශාඛ්‍ය නානායක්කාර මහතා සඳහන් කළේ මෙම වැඩපිළිවෙළ මගින් මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතු සාර්ථක කරගැනීමේ හැකියාව පවතින බවය.මත්ද්‍රව්‍ය භාවිතයට හුරුවී ඇති පුද්ගලයින් සඳහා ප්‍රදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ප්‍රජා පාදක වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වන බවද ශාඛ්‍ය නානායක්කාර මහතා පැවසීය.
මේ අතර මත්ද්‍රව්‍ය වැඩි වශයෙන් සැරිසරන ප්‍රදේශ අධීක්ෂණ කිරීම සඳහා වෙනම පොලිස් නිලධාරීන් යෙදවීමට ද සැලසුම් කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

