ක්‍රිකට් වෙනුවෙන් ගෝල්ෆේස් දෙකක් පුරවන්න අපිට පුලුවන් – අර්ජුන රණතුංග
රට වෙනුවෙන් ක්‍රිකට් – නිර්පාක්ෂික බහුවිද ප්‍රවේශයක් යන තේමාව යටතේ අද (23) කොළඹ මහජන පුස්තකාලයේදී සම්මන්ත්‍රණයක් පැවැත්වුණි.
ඒ, දේශපාලකයින්, බහුජන සංවිධාන, සිවිල් සංවිධාන ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙනි.
මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වුණේ හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතාය.
හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා,
“ක්‍රිකට් හදනවාට ඔය එක්කෙනෙක්වත් කැමති නැහැ. මේක මුල ඉඳලම හදන්න ඕන දෙයක්. පැලැස්තර ගහන්න බැහැ. මානසික මට්ටම හදන්න ඕනේ. ගොඩක් දේවල් තියෙනවා. මේ අයට තේරෙන්නේ නැහැ. දැනට අපි මේ විදියට කරගෙන යමු. අවශ්‍ය වෙලාවට මිනිස්සු ගේන්න ඕනේ නම්..මමත් එළියට බැහැලා කියන්නම්. අපි කිව්වොත් ගෝල්ෆේස් දෙකක් පුරවන්න පුළුවන්. නමුත් ඒ තත්ත්වයට අපි යන්න ඕනේ නැහැ.”
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

