මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත පහත දමයි
2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ, මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් සිය දෙවන මුදල් ප්‍රතිපත්ති සමාලෝචනය ඊයේ (23) දින පවත්වන ලදී.
එහිදී ශ්‍රී ලංකා මහබැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත තවදුරටත් පහත දමා තිබේ. ඒ අනුව මහබැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාත 1% කින් පහත දමා තිබේ. මහ බැංකුව වාණිජ බැංකුවල ඉතුරුම් සඳහා ලබාදෙන පොලිය හෙවත් නිත්‍ය තැන්පතු අනුපාතය 9% ක් වනු ඇති.
මේ අතර, මහබැංකුව සපයන ණය සදහා වාණිජ බැංකුවලින් අයකරණ පොලිය හෙවත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 10% කි.මීට සමගාමීව වාණිජ බැංකුවල පොලි අනුපාතිකය ද පහළ යනු ඇති.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

