Latestදේශීය

හමුදාපතිට අතුරු නියෝගයක්

පාබල හමුදාවේ බ්‍රිගේඩියර් චන්දන රණවීර මේජර් ජනරාල් තනතුරට උසස් කිරීමට ජනාධිපතිට නිර්දේශ කරන ලෙස නියෝග කරමින් අභියාචනාධිකරණය අද (24) හමුදාපතිට අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.

ඊට අමතරව බ්‍රිගේඩියර් චන්දන රණවීරට හිමිවිය යුතු හිඟ දීමනා සහ වැටුප් වර්ධක ලබා දෙන්න ලෙසටද අධිකරණයෙන් නියෝග කර තිබේ.

අභියාචනාධිකරණය මෙසේ නියෝග කර ඇත්තේ බ්‍රිගේඩියර් චන්දන රණවීර ගොනු කොට තිබූ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට තීරණය කිරීමෙන් අනතුරුවය.

මෙම රිට් පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලිණි.

මෙම රීට් පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා යුද හමුදාපති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *