Latestදේශීය

සැකකරුවෙක් ‌මියයයි – පොලීසියේ 4ක් රිමාන්ඩ්

රක්ෂිත බන්ධනාගාරගතව සිටි සැකකරුවෙකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වඩුක්කොඩෙයි පොලීසියට අනුයුක්ත පොලිස් නිලධාරීන් 04දෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ අනුව ඔවුන් දෙසැම්බර් මස 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට යාපනය මහෙස්ත්‍රාත්වරයා නියෝග කළ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

කොල්ලකෑම් කිහිපයකට සම්බන්ධ සැකකරුවෙකු පසුගිය 11 වනදා වඩුක්කොඩෙයි පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

26 හැවිරිදි එම සැකකරු මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබු අතර බන්ධනාගාරගත කිරීමෙන් පසු හදිසියේ රෝගීවු සැකකරු යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබුණි.

අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ වාර්තාව මඟින් අනාවරණය කර ඇත්තේ අදාළ සැකකරුගේ ශරීරයේ වූ අභ්‍යන්තර තුවාල හේතුවෙන් වකුගඩු ක්‍රියාකාරීත්වය අවහිරවීම මරණයට හේතුවී ඇති බවය.

එහිදී යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සිදුකළ විමර්ශනයකින් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට උපපොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනුණි.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *