Latestදේශීය

සොරාගත් ත්‍රීරෝද රථ, වායුසමීකරණ යන්ත්‍ර කොටස් සමග 3‌ක් අත්අඩංගුවට

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

සොරාගත් ත්‍රිරෝද රථවල යමින් කොළඹ නගරයේ සුපිරි වෙළඳසැල් හා නිවාසවල සවිකර තිබෙන වායු සමීකරණ යන්ත්‍රවල කොටස් ගලවා සොරා ගෙන යාමට පුරුදුව සිටී තිදෙනෙකුගෙන් යුත් කල්ලියක් මෙරට නිෂ්පාදිත ජීව අත්බෝම්භයක් සමග  අත්අඩංගුවට ගත් බව මාලිගාවත්ත පොලිසිය පවසයි.

ඒ සමග වායු සමීකරණ යන්ත්‍ර 15 , ඒවා ගැලවීම සදහා භාවිතා කරන උපකරණ තොගයක් , ත්‍රීරෝද රථයක් සහ හෙරොයින් ග්‍රෑම් 10 පොලිස් භාරයට ගෙන තිබේ.

මාලිගාවත්ත ප්‍රදේශයේ සුපිරි වෙළඳසැල් දෙකක වායු සමීකරන සොරා ගැනීමේ සිද්ධීන් දෙකක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව විමර්ශන සිදු කරමින් සිටියදී මාලිගාවත්ත ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 10 සමග අත්අඩංගුවට ගත් පුද්ගලයකුගෙන් ලද තොරතුරකට අනුව වායු සමීකරන සොරාගැනීමේ මහා පරිමාණ ජාවාරමක සුලමුල අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලීසිය කියයි.

@ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *