Latestවිදේශීය

ඊලොන් මස්ක් සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අතර හමුවක්

ට්විටර් සමාජ ජාලයේ හිමිකරු ඊලොන් මස්ක් සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අතර හමුවක් පැවැත්වීමට නියමිතව ඇත.

සිව්දින සටන් විරාමය අතර  ඊලොන් මස්ක් මේ වන විටත්  ඊශ්‍රායල වෙත ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අග්‍රාමාත්‍යවරයා සමඟ පැවැත්වෙන හමුවෙන් පසු මස්ක් එරට ජනාධිපති අයිසැක් හර්සොග් සමඟ ද සාකච්ඡා පැවැත්වීමට නියමිත බව සඳහන් වේ.

සමාජ මාධ්‍ය තුළ යුදෙව් විරෝධී වෛරය උත්සන්න කරනු ලබන ක්‍රියාකාරකම් සහ සටහන් පළවීම් සම්බන්ධයෙන් මෙහිදී ඊලොන් මස්ක් විසින් ඊශ්‍රායල බලධාරීන්ට කරුණු පැහැදිලි කිරීමට නියමිත බව ද  විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *