තවත් ප්‍රාණ ඇපකරුවන් 17 දෙනෙක් මුදාහරී
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි ප්‍රාණඇපකරුවන් 17 දෙනෙකු ඊයේ (26) නිදහස් කර තිබෙනවා.
නිදහස් කළ පිරිස අතර ඊශ්‍රායල ජාතිකයින් 13 ක් සහ විදෙස් ජාතිකයන් තිදෙනෙකු සිටින බව සදහන්. මොවුන් සියලු දෙනා ගාසා තීරයේ රතු කුරුස සංවිධානයට භාරදී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සිව්දින සටන් විරාම ගිවිසුමකට එළඹ තිබෙන අතර ඉන් තෙවන දින මෙම 16දෙනා නිදහස් කිරීමට හමාස් සංවිධානය ක්‍රියා කර තිබුණා. මීට ප්‍රථමද හමාස් සටන්කරුවන් සහ ඊශ්‍රායලය විසින් ප්‍රාණඇපකරුවන් නිදහස් කිරීමට ක්‍රියා කිරීම තුළින් ගාසා හී ආතතිය යම් ප්‍රමාණයකට හෝ සමනය වීම කෙරෙයි සුබවාදී බලාපොරොත්තු ඇතිකරගත හැකි බවට ජාත්‍යන්තර විශ්ලේෂකයින් මත පල කර තිබෙනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

