ප්‍රාණ ඇපකරුවන් දහදෙනෙකුට එක් දිනය බැගින් සටන්විරාමය දීර්ඝ කරනවා : නෙතන්යාහු
ප්‍රාණ ඇපකරුවන් දහදෙනෙක් වෙනුවෙන් සටන් විරාමය එක් දිනය බැගින් දීර්ඝ කරන බව ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සමඟ පවසා තිබෙන බව සඳහන් වනවා.
ඊජිප්තුව, කටාරය සහ එක්සත් ජනපදය සටන් විරාමය සඳුදායින් ඔබ්බට තවදුරටත් දීර්ඝ කරන ලෙස බල කරමින් සිටින අතර නෙතන්යාහු ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා අමතමින්, “කිසිවක් අපව නවත්වන්නේ නැත” යනුවෙන් පවසා ඇති බව ඒජන්සි වාර්තා සඳහන් කරනවා.
හමාස් සංවිධානය ඊශ්‍රායල ප්‍රානඇපකරුවන් මෙන්ම තායිලන්ත ජාතිකයින් තිදෙනෙකු සහ එක් ඊශ්‍රායල-රුසියානු ජාතිකයෙකු නිදහස් කර ඇති බව අද වාර්තා වුනා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

