මහින්ද ඉල්ලා අස්විය යුතුයි, නැතිනම් ජනතාව පෙරට විත් තීරණය ගත යුතුයි – චම්පික රණවක
ලැජ්ජාවක් කියලා දෙයක් ඇත්තේ නම් මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය යුතු යැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.
ඔහු මේ බව කියා සිටියේ එම පක්‍ෂයේ ජනහමුවක් මත්තෙගොඩ ප්‍රදේශයේ දී අමතමිනි.

ආර්ථික අර්බුදයට වගඋත්තරකරුවන් ලෙස ශේෂ්ඨාධිකරණ විසින් නම් කර ඇති රාජපක්ෂලාට එරෙහිව දිසා අධිකරණවල නඩු පවරා වන්දි ලබා ගැනීමට ජනතාව පෙරට ආ යුතු බවද හෙතෙම පැවසීය.
ඖෂධ නැතිව මියගිය අයගේ ඥාතීන්, ගෑස් පෝලිම්වල මියගිය අයගේ ඥාතීන්, ගෑස් පිපිරීම් නිසා මියගිය අයගේ ඥාතීන්, ඉන්ධන පෝලිම්වල මියගිය අයගේ ඥාතීන් මේ සඳහා පෙරමුණ ගත යුතු බවද හෙතෙම පැවසීය.
අධිකරණයෙන් දඬුවම් දුන්නේ ආර්ථික අපරාධකරුවන්ට පමණක් බවත් ඉන්ධන පෝලිම් හැදූ බලශක්ති අපරාධකාරයන්ද සිටින බවද ඔහු කියා සිටියේය.
එනිසා බලශක්ති අර්බුදය හැදූ අය ගැන ඊළඟ නඩුව ඇසිය යුතු බව ද හෙතෙම එහිදී තව දුරටත් පැවසීය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

