Latestදේශීය

සඳලංකව ප්‍රදේශයේ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට

පන්නල – මොරයාලේවත්ත, හෙන්ඩියගල, සඳලංකාව ප්‍රදේශයේ දී සිදු කළ වැටලීමකින් , ඝාතන සහ වෙඩි තැබීම්වලට අදාළ බවට සැකපිට පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන ඇත.

එමෙන්ම  සැකකරු සතුව  තිබී, විදේශීය රටක නිෂ්පාදිත බලපත්‍ර නොමැති නීති විරෝධි රිවොල්වර් වර්ගයේ ගිනිඅවියක් සහ කඩුවක් ද හමුව ඇති බව සඳහන් වේ.

මෙලෙස පොලිස් විශේෂ කාර්ය බලකා භාරයට ගත් සැකකරු සදලංකාව ප්‍රදේශයේ ම පදිංචි වයස අවුරුදු 35 ක අයෙක් බවයි පැවසෙන්නේ.

මෙම අදාළ සැකකරුට එරෙහිව නඩු කිහිපයක්ම පවතින අතරර 2012 වර්ෂයේ පන්නල පොලිස් වසමේ සියඹලාපේ හන්දිය ප්‍රදේශයේදී සංජීව නැමැත්තෙකු කපාකොටා ඝාතනය කිරීම, 2017 වර්ශයේදී T56 වර්ගයේ ගිනිඅවියක් සමග පෑලියගොඩ පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගැනීම, 2019 වර්ශයේදී ෂොට්ගන් වර්ගයේ අවියක් සමග වෙන්නප්පුව පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගැනීම මෙන්ම  2019 වර්ශයේ දී වෙඩි තැබීමකට තැත් කිරීම සමිබන්ධයෙන් කොස්වත්ත පොලීසිය මගීන්  අත්අඩංගුවට ගැනීම  වැනි සිද්ධි සඳහා එම නඩු පනවා තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *