Latestදේශීය

කෝටි 20ක් වටිනා වාහන දෙකක් නැවත බාර නොදී පරිසර අමාත්‍යංශයට වෙට්ටු දාන හිටපු පරිසර ඇමති, නසීර් අහමඩ්

හිටපු පරිසර ඇමැති නසීර් අහමඩ් ඇමතිව සිටි කාල සීමාවේදී ඔහුට නිකුත් කර තිබූ රුපියල් කෝටි 20කට ආසන්න වටිනාකමෙන් යුත් අධිසුඛෝපභෝගී ජීප් රථ දෙක ඇමති ධුරය අහිමි වීමෙන් පසුව ආපසු භාර නොදී සිය පාවිච්චියට යොදා ගෙන සිටින බව වාර්තා වේ.

ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයක් මත මීට මාස දෙකකට පමණ පෙර නසීර් අහමඩ්ගේ ඇමැති ධුරය මෙන්ම මන්ත්‍රී ධුරයද අහිමි වූ අතර එතැන් සිට ඔහුට ලබා දී තිබූ මෙම ජීප් රථ ආපසු භාර නොදී තමන් සන්නතකයේ තබා ගැනීම බරපතළ වරදක් බව අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

ඇමතිව සිටි කාල සීමාවේදී නසීර් අහමඩ්ට පරිසර අමාත්‍යාංශය මගින් අංක CAS 9010 සහ CAO 4118 අංක දරන අති සුඛෝපභෝගී ජීප් රථ දෙක පාවිච්චියට ලබා දී තිබිණි.

ඇමැති ධුරය අහිමි වීමෙන් පසු එම ජීප් රථ දෙක නැවත භාර නොදීම සම්බන්ධයෙන් පරිසර අමාත්‍යාංශය ඉකුත් 07 වැනිදා මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය වෙත පැමිණිල්ලක්ද කර ඇත.

මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම පරිසර අමාත්‍යාංශය මගින් හිටපු ඇමැති නසීර් අහමඩ් දැනුවත් කර ඇතත් ඒ හැම අවස්ථාවකදීම ඔහු කියා ඇත්තේ අදාළ වාහන දෙක ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාරදීමට කටයුතු කරන බවය. එහෙත් මේ වනතුරුත් වාහන දෙක ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී නැත.

මේ සම්බන්ධයෙන් පරිසර අමාත්‍යාංශය පවසන්නේ තම අමාත්‍යාංශය මගින් නිකුත් කළ වාහන ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දිය නොහැකි බවය.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *