Latestවිදේශීය

නවසීලන්තයේ දුම්වැටි තහනම ඉවතට

නවසීලන්තයේ දුම්වැටි තහනම් කිරීමට, එරට කම්කරු පක්ෂය සහ පක්ෂ නායිකා අග්‍රාමාත්‍ය ජැසෙන්ඩා එර්ඩර්න් ගෙන තිබුණු තීරණය අත්හිටුවීමට නව අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝපර් ලුක්සන් සහ ඔහුගේ දක්ෂිණාංශික ජාතික පක්ෂ සන්ධානය රජය තීරණය කර තිබේ.

අග්‍රාමාත්‍ය ජැසෙන්ඩා එර්ඩර්න් සහ ඇගේ කම්කරු පක්ෂ රජය තීරණය කර තිබුණේ, 2008 වසරෙන් පසු උපන් අයට දුම්වැටි අලෙවිය තහනම් බවය. ඒ අනුව, දුම්වැටි තහනම් කෙරුණු පළමු රට නවසීලන්තය බවට පත් විය.

නව අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝපර් ලුක්සන්ගේ සන්ධාන රජය, බදු අඩු කරමින් ජනතාවට සහන දීමට පොරොන්දු වී සිටී. බදු අඩු කිරීමට අරමුදල් උපයා ගැනීමට නම්, පසුගිය කම්කරු පක්ෂ රජයේ දුම්වැටි තහනම අත්හිටුවීමට සිදුවන බව නව අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝපර් ලුක්සන් පැහැදිලි කර ඇත.

@ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *