බියකරු සිදුවීම් හී ආත්මීය වේදනාව තේරුම් ගන්න
මෑතකදී Deepfake වීඩියෝවක් නිසා අසාධාරණයට ලක්වූ ඉන්දීය නිළි Rashmika Mandanna ඉල්ලීමක් කර තිබෙනවා.ඒ එවැනි තොරතුරු සමාජ මාධ්‍ය හරහා බෙදා නොගන්නා ලෙසයි.
එසේම ඇය සියලු තරුණියන්ගෙන් ඉල්ලා සිටින්නේ එවැනි දේවල් වලට විරුද්ධව නැගී සිටින ලෙසයි.
ඇය සිටින deepfake වීඩියෝවක් සමාජ මාධ්‍යවල හුවමාරු වී සති ගණනකට පසුවයි Rashmika ඒ සම්බන්ධයෙන් මෙවැනි අදහස් ඉදිරිපත් කර ඇත්තේ.
බ්‍රිතාන්‍ය-ඉන්දියානු කාන්තාවක් විසින් පළ කරන ලද ඉන්ස්ටග්‍රෑම් වීඩියෝවකට Rashmikaගේ මුහුණ බද්ධ කර තිබුණා.
ඇය එම සිදුවීම විස්තර කර තිබුණේ අතිශයින්ම බියකරු සිද්ධියක් ලෙසයි.
ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ අමාත්‍ය Ashwini Vaishnaw මෙවැනි deepfake වීඩියෝ ප්‍රජාතන්ත්‍රවාදයට නව තර්ජනයක් ලෙස හඳුන්වා දී තිබෙනවා.
Vaishnaw මහතා සමාජ මාධ්‍ය වේදිකා සහ කෘත්‍රිම බුද්ධි සමාගම් සමග රැස්වීමක මුලසුන දැරූ අතර deepfake ගැටලුව විසඳීම සඳහා ෆෙඩරල් රජය “පැහැදිලි මෙන්ම ක්‍රියාකාරී සැලැස්මක් ඉක්මනින් ඉදිරිපත් කරන බව දැනුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

