Latestදේශීය

බදු නොගෙවූ ජොන්ස්ටන්ගේ වයඹ ඩිස්ටිලරීස් වෙනුවට රෝයල් සිලෝන් වැඩ

පසුගිය ඔක්තෝබර් 30 වනදා වනවිට සුරා බදු ගෙවීම පැහැර හැර ඇති අරක්කු නිෂ්පාදන සමාගම්වල නිෂ්පාදන කටයුතු අත්හිටුවීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින අතර එලෙස නිෂ්පාදන කටයුතු අත්හිටුවූ සමාගම් අතර හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු, බැඳුම්කර වංචාවේ චූදිතයෙකු වන අර්ජුනු ඇලෝසියස් ඇතුළු පිරිදක්ද සිටිති.

පොහොට්ටු පක්ෂයේ හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් වයඹ ඩිස්ටිලරීස් පුද්ගලික සමාගම සහ ඩබ්ලිව්.එම් මෙන්ඩිස් සමාගම මෙන්ම රන්දෙනිගල නිෂ්පාදන සමාගමද ඇතුළුව සමාගම් 09ක් මෙලෙස සුරා බදු ගෙවීම පැහැර හැර ඇත. ඒ අනුව ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් වයඹ ඩිස්ටිලරීස් පුද්ගලික සමාගමේ අරක්කු නිෂ්පාදන කටයුතු පසුගියදා අත්හිටවූ අතර මේ වනවිට ඩබ්ලිව්.එම් මෙන්ඩිස් සමාගමේ මෙන්ම රන්දෙනිගල සමාගමේද නිෂ්පාදන කටයුතු අත්හිටුවා ඇත.

මෙලෙස අලුතෙන්ම අත්හිටුවන ලද අර්ජුන් ඇලෝසියස්ට අයත් මෙන්ඩිස් සමාගම විසින් හිග බදු මුදල් සහ ප්‍රමාද ගාස්තු වශයෙන් රුපියල් තුසිය හතලිස් එක් කෝටි අනූ ලක්ෂ හැටදහස් එකසිය හැටයි සත හැට එකක (රු. 3,419,060,160.61) මුදලක් සහ රන්දෙනිගල නිෂ්පාදන සමාගම විසින් හිග බදු මුදල් සහ ප්‍රමාද ගාස්තු වශයෙන් රුපියල් හාරකෝටි විසිතුන්ලක්ෂ අසූඅටදහස් තුනිසිය හැත්තෑ අටයි සත හතලිස් තුනක (රු. 42,388,378.43) මුදලක් ගෙවීම් පැහැර හැර තිබේ.

මෙන්ඩිස් සමාගම තම හිග මුදලින් ගෙවා ඇත්තේ රුපියල් ලක්ෂ 08ක් පමණක් බවද මේ අතර වාර්තා වේ.

පොහොට්ටු පක්ෂයේ හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් වයඹ ඩිස්ටිලරීස් පුද්ගලික සමාගමේ නිෂ්පාදන කටයුතු සුරා බදු දෙපාර්තමේන්තුව විසින් අත්හිටුවීමෙන් පසු රෝයල් සිලෝන් ලෙස අලුත් නමකින් යළි මත්පැන් නිෂ්පාදනය ආරම්භ කිරීමටද කටයුතු කර ඇත.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *