Latestදේශීය

රූපවාහිනිය සහ ගුවන් විදුලිය කෝටි 84ක් පාඩුයි, පොදු සමාගමක් කරනවා – බන්දුල ගුණවර්ධන

දිගින් දිගටම පාඩු ලබන ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පොදු සමාගමක් බවට පත් කරන බව ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පවසා ඇත.

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව මේ වසරේ රුපියල්  කෝටි 28 ක පමණ පාඩුවක්ද  ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මේ වසරේ  රුපියල්  කෝටි 46 ක පමණ පාඩුවක්ද  ලබා ඇතැයි අමාත්‍යවරයා කියයි.

මහා භාණ්ඩාගාරයට මෙම නාලිකා සඳහා මුදල් ප්‍රතිපාදන තවදුරටත්  ලබාදීමට අපහසු බව පෙන්වා දුන් අමාත්‍යවරයා එම ආයතන සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයිද ප්‍රකාශ කරයි.

එසේම ආණ්ඩුවේ  විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා රාජ්‍ය මාධ්‍යවලින් ප්‍රමාණවත්  ප්‍රචාරණයක් නොදෙන බව කාරක සභාවේදී අදහස් ඉදිරිපත්ව ඇත.

පීඩාවට පත්වන මහජනතාවගේ අපහසුතා මාධ්‍යවලින් විකාශය කිරීම මෙන්ම ඒවා සංවර්ධනය කිරීමෙන් පසු ඒ පහසුකම් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම වැදගත් බවද  ඔහු ප්‍රකාශ කළේය.

ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයීය  උපදේශක කාරක සභාව  එහි සභාපති අමාත්‍ය බන්දුල ගුණවර්ධන ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී  පසුගිය 23 වැනිදා  රැස්වූ අතර එහිදී  මෙම තොරතුරු වී ඇත.

@Lankadeepa


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *