Latestදේශීය

රොෂාන්ට, දයාසිරිට සමගි ජන සන්ධානය හැර වෙන විකල්පයක් නැහැ – තිස්ස අත්තනායක

සමගි ජන බලවේගය ප්‍රධාන දේශපාලන පක්ෂ රැසක් නව දේශපාලන සන්ධානයක් පිහිටු වීමට සූදානමින් සිටින බව සමගි ජන බලවේගය ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා සඳහන් කරයි.

එම නව සන්ධානය එළැඹෙන ජනවාරි මාසයේ මැද පමණ වන විට එළිදැක්වීමට නියමිත බව ද හෙතෙම පැවසීය.

නව සන්ධානය සමඟ ආණ්ඩු පක්ෂයේ දැනට සිටින මැති ඇමැතිවරු රැසක් ද එක්වනු ඇති බවත් හෙතෙම කියා සිටී.

සමගි ජන බලවේග මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

රොෂාන් රණසිංහ හා දයාසිරි ජයසේකර මන්ත‍්‍රීවරුන් එම නව සන්ධානය සමඟ එක් වේ දැයි කළ විමසීමේදී ඔහු කියා සිටියේ මෙතෙක් ඒ ගැන තමන්ට අදහසක් කිව නොහැකි බවත් නමුත් ඔවුන්ට සමගි ජන සන්ධානයෙන් තොර වෙනත් දේශපාලන මාවතක් ඇතැයි මේ මොහොතේ සිතිය නොහැකි බවයි. එනිසා ඔවුන්ට ද එම පියවර ගැනීමට සිදුවනු ඇති බවද සඳහන් කළේය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *