අවුකන ප්‍රතිමාවට වස්ත්‍ර පැලදවීම බරපතල සිද්ධියක්
අනුරාධපුර අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට වස්ත්‍ර පැළැඳවීම පුරාවිද්‍යා ආඥාපනත අනුව බරපතළ සිද්ධියක් බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එහි වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් නිශාන්ති ජයසිංහ මහත්මිය පවසන්නේ, වස්ත්‍ර පැළැඳවීමේදී විහාරාධිපති හිමියන් තනි මතයට කටයුතු කර ඇති බවය.
ක්‍රිස්තු වර්ෂ 5 වැනි සියවසේ ධාතුසේන රජු නිර්මාණය කරවූ බවට ඉතිහාසයේ සඳහන් වන අනුරාධපුරය අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට වස්ත්‍ර පැළැඳවීමේ ඡායාරූප පසුගිය දිනවල සමාජ මාධ්‍යවල සංසරණය වූයේ සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය කරමිනි.
මෙරට ”හිටි බුද්ධ ප්‍රතිමා වහන්සේ ”අතුරින් සුවිශේෂී ස්ථානයක් හිමිවන මෙම අවුකන බුද්ධ ප්‍රතිමාව මත නැගී ඇතැම් පුද්ගලයින් එම වස්ත්‍රය පළඳවන ආකාරයද ඡායාරූපවල සඳහන් වුණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂවරයා සහ කලාප භාර පුරාවිද්‍යා නිලධාරීවරයා ඊයේ එහි ගොස් අවුකන පිළිම වහන්සේ හා එම ස්ථානය පරීක්ෂා කළේය.
ඒ අනුව අද අනුරාධපුර පුරාවිද්‍යා කාර්යාලයට අයත් උපකලාප භාර නිලධාරීවරයෙකු සිද්ධිය සම්බන්ධයෙන් ගල්නෑව පොලීසියට පැමිණිලි කර තිබේ.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

