Latestදේශීය

මාලිමාවේ පෙත්සම් අදසිට විභාගයට ගැනේ

ඉකුත් මාර්තු මස 09 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම අත්තනෝමතික ලෙස හා ප්‍රජාතන්ත්‍රවිරෝධී ලෙස කල්දැමීමට එරෙහිව ජාතික ජන බලවේගය ඇතුළු පාර්ශව කිහිපයක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 04ක් අද (29) සිට දින 05ක් තුළ විභාග කිර අවසන් කිරීමට නියමිතය.

ඒ අනුව නොවැම්බර් 29, 30 සහ දෙසැම්බර් 01, 06, 13 යන දිනවල මෙම පෙත්සම් විභාග කර තීන්දුව ප්‍රකාශ කිරීමට නියමිතය.

මෙම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මලල්ගොඩ, ගාමිණි අමරසේකර සහ මුර්දු ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඇතුළු පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග කිරීමට නියමිතය.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති, ජාතික ජන බලවේග ලේකම් නිහාල අබේසිංහ, සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ පැෆරල් සංවිධානය විසින් මෙම පෙත්සම් 04 ඉදිරිපත් කර තිබේ.

නීතිපති, කැබිනට් මණ්ඩලය, මහා භාණ්ඩාගාරයේ ලේකම්, මුද්‍රණාලයාධිපතිනිය, පොලිස්පති ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම් කරමින් ජාතික ජන බලවේගය විසින් පසුගිය මාර්තු 14 දින ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීමට තීරණය කර තිබූ අතර එතැන් පටන් විනිසුරුවරුන් නොපැමිණීම, ඉවත්වීම සහ විවිධ තාක්ෂණික කරුණු මතු කරමින් මෙම පෙත්සම් විභාගය අද දිනය දක්වා මාස 08ක් තිස්සේ කල් යන ලදී.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *