Latestදේශීය

බාල ‌බෙහෙත් ගැන හොයද්දී හිටපු සෞඛ්‍ය ලේකම් ලෙඩවෙයි

(මනෝප්‍රිය ගුණසේකර සහ ඉන්දිකා රාමනායක)

සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා හදිසියේ රෝගාතුර වී කොළඹ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලකට  ඇතුත් කර ඇතැයි වාර්තාවේ.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලංකාවට ඖෂධ වර්ග 182ක් ගෙන්වීමේ සිද්ධියට අදාළව රහස් පොලිසිය විමර්ශන කරමින් සිටින අතරතුර ජනක චන්ද්‍රගුප්ත මහතා හදිසියේ රෝගාතුර වී මෙලෙස රෝහල් ගතවී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙනන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් ‘අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බළය සංවිධානය සහ සිවිල් සංවිධාන එකතුමුතුව’ කළ පැමිණීල්ලක් සම්බන්ධයෙන් රහස් පොලිසිය විමර්ශන ආරම්භ කොට ඇත.

@ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *