Latestදේශීය

වැස්ස තවත් වැඩිවෙයි

ගිනිකොන දිග බෙංගාල බොක්කේ මුහුදු ප්‍රදේශයේ පැවැතන කැලබිළි ස්භාවය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වය වර්ධනය වීමක් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඊසානදිග මෝසම් තත්වය දිවයිනේ ක්‍රමක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවති.

උතුරු,නැගෙනහිර, දකුණ,උතුරුමැද සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

දිවයිනේ සෙසු පළාත්වලට පස්වරු 1.00 පමන පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති වේ. නැගෙනහිර, මධ්‍යම,ඌව සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ඉක්මවූ තද වැසි ඇති වේ. 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *