Latestදේශීය

රියදුරු බලපත් මුද්‍රණය මාස 6කින් අවසන් කරනවා – නිශාන්ත අනුරුද්ධ

මුද්‍රණ යන්ත්‍ර නොමැති වීමෙන් නිකුත් කිරීමට නොහැකිව ගොඩගැසී තිබුණු රියදුරු බලපත්‍ර සියල්ල ඉදිරි මාස 6 තුළදී නිකුත් කර අවසන් කිරීමට හැකිවන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පවසයි.

ඒ මහතා පවසා සිටියේ මේ වනවිට ලක්ෂ 9කට ආසන්න රියදුරු බලපත්‍ර ප්‍රමාණයක් මුද්‍රණය කර ගත නොහැකිව ගොඩගැසී තිබෙන බවයි.

පසුගිය සඳුදා දිනයේ දී රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමට අවශ්‍ය මුද්‍රණ යන්ත්‍ර තුනක් තමා වෙත ලැබුණු බවත් ඒ අනුව මේ සතියේ සිට මුද්‍රණ කටයුතු ආරම්භ කරන බවත් ඒ මහතා සඳහන් කළා.

මෙම මුද්‍රණ යන්ත්‍ර ප්‍රයෝජනයට ගනිමින් ඉදිරි මාස 6 ක කාලය තුළදී ගොඩ ගැසී ඇති රියදුරු බලපත්‍ර සකසා අවසන් කිරීමට බලාපොරොත්තු වන බව නිශාන්ත අනුරුද්ධ මහතා පවසනවා.

ජාවාරම්කරුවන් විසින් රු 5,000ක මුදලක් ලබාදී රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් මේ වනවිට පැමිණිල්ලක් ලැබී ඇතැයි පවසන නිශාන්ත අනුරුද්ධ මහතා, ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස විමර්ශන ඒකකයට දැනුම්දුන් බවත් සඳහන් කර සිටියා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *