වරාය සේවකයෝ වෘත්තීය ක්රියාමාර්ග සඳහා දැඩි තීරණයක
වැටුප් වැඩි නොකිරීමට විරෝධය පළ කරමින් එළැඹෙන සතියේ සිට වෘත්තීය ක්රියාමාර්ගවල නිරත වීමට බලාපොරොත්තු වන බව සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය සඳහන් කර ඇත.
පසුගිය ඔක්තෝබර් 23 වැනි දින රැස් වූ කැබිනට් මණ්ඩලයේ තීරණයකට අනුව සාමුහික ගිවිසුමක් හරහා වරාය සේවකයන්ට වැටුප් වැඩි කිරීම අත්හිටුවනු ලැබූ අතර වරාය සේවකයන්ට වැටුප් වැඩි කිරීමේ ගැටලුවක් මේ වන විට පැන නැගී තිබේ.
ඒ සම්බන්ධයෙන් ඊයේ (29) දිනයේ දී සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය සභාපතිවරයා හමු වී සාකච්ඡාවක් ද සිදු කර ඇතිබව සඳහන් වේ.
නමුත් එම සාකච්ඡා අසාර්ථක වූ බව සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමයේ ප්රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ මහතා සඳහන් කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

