Latestදේශීය

විදේශ සේවා නයුක්ති කාර්යාංශයෙන් රුපියල් බිලියන 07ක් මහ භාන්ඩාගාරයට

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ වසරේ දී  රුපියල් බිලියන 07ක මුදලක් මහ භාණ්ඩාගාරයට ලබා දී ඇති අතර ඉන් රුපියල් බිලියන 4ක් ඊයේ (29) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල වශයෙන් භාර දී ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් ඊට අදාළ චෙක්පත ජනාධිපතිවරයා වෙත භාරදුන් බවයි.

මීට පෙර අවස්ථා කිහිපයකදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මහ භාණ්ඩාගාරයට රුපියල් මිලියන 3,382ක මුදලක් ලබාදුන් අතර එක් වර්ෂයක් තුළ දී රුපියල් බිලියන 07ක මුදලක් ලබාදුන් පළමු අවස්ථාව මෙය ලෙස සඳහන් වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *