සෞඛ්‍ය ඇමතිකම දුන්නේ මාව නැතිකරන්න, මම නතර වුනේ ජනාධිපති වෙලා – මෛත්‍රීපාල සිරිසේන
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
තමා 2010 වසරේ දී සෞඛ්‍ය ඇමති ලෙස පත් කළේ නැත්තටම නැති කරන්නට යැයි හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
තමා අමාරුවේ දාන්න සෞඛ්‍ය අමාත්‍යවරයා කළත් නතර වූයේ ජනාධිපතිවරයා වීමෙන් යැයිද නව සෞඛ්‍ය අමාත්‍යවරයාට ද ඒ කාරණය මතක් කළ යුතුව ඇතැයි ද මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කළේය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ විවාදයට එක්වෙමින් මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව කීය.
සෞඛ්‍ය අමාත්‍යංශය වංචා දූෂණ ගැන බොහෝ නම ගිය තැනක් බවද හිටපු ජනාධිපතිවරයා පැවසීය.
@ලංකාදීප
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

