Latestදේශීය

උපත් පාලන කොපු නොමිලේ ලබාදේ

HIV ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ,ජනතාවට ගමන් බිමන් යන එන අතරමග දී උපත් පාලන කොපු ලබාගත හැකිවන පරිදි Condom Vending Machine සවිකිරීම යළි ආරම්භ කිරීමට කටයුතු කරන බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජානකී විද්‍යාපතිරණ මහත්මිය සඳහන් කර ඇත.

HIV ව්‍යාප්තිය වැළැක්වීම සඳහා මෙම ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමේ වැදගත්කම ඇය පෙන්වා දී තිබේ.

2017 වසරේ සිට දුම්රිය ස්ථාන අසල සහ මිනිසුන් ගැවසෙන ස්ථානවල මෙම Condom Vending Machine සවිකිරීම ආරම්භ කර තිබු අතර පසුගිය සමයේ පැවති ආර්ථික අර්බුද හමුවේ එම ව්‍යාපෘතිය අඩාල වී ඇත.
යළි නැවතත් එය ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බවයි සඳහන් වන්නේ.

මෙම වසරේ මාර්තු මස සිට නොවැම්බර් මස දක්වා කාලය තුළ මෙරට උපත් පාලන කොපු හිඟයක් තිබී ඇති අතර, පසුගිය සතියේ දී උපත් පාලන කොපු ලක්ෂ 20ක් ආනයනය කිරීමට කටයුතු කර ඇත.

මේ වනවිට සායනවලට පැමිණෙන පුද්ගලයින්ට මෙම උපත් පාලන කොපු නොමිලේ ලබාදීමට කටයුතු සලසා තිබේ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *