අමෙරිකාවේ හිටපු රාජ්‍ය ලේකම් හෙන්රි අභාවප්‍රාප්ත වෙයි
අමෙරිකාවේ හිටපු රාජ්‍ය ලේකම්, හෙන්රි කිසින්ජර් අභාවප්‍රාප්ත වී ඇත.
නාසි පාලනය හමුවේ ජර්මනියේ උපත ලැබූ ඔහු , 1938 වසරේදී අමෙරිකාවට පැමිණි පසු අමෙරිකානු පුරවැසිභාවය ලබා ගෙන තිබේ.
මිය යනවිට ඔහු වයස, අවුරුදු 100 පසු විය.
රිචර්ඩ් නික්සන් සහ ජෙරල්ඩ් ෆෝඩ් යන ජනාධිපතිවරුන්ගේ පාලන සමයේදී අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ලෙස සහ ජාතික ආරක්ෂක උපදේශකයෙකු ලෙස හෙන්රි කිසින්ජර් කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
හෙන්රි කිසින්ජර් අමෙරිකාව සහ චීනය අතර ද්විපාර්ශ්වික සම්බන්ධතා ඇති කර ගැනීමේදී සුවිශේෂී කාර්යභාරයක් ඉටු කර තිබේන බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

