Latestදේශීයනවතම ලිපි

පලස්තීනයට යුක්තිය – දක්ෂිණ ගෝලීය ප්‍රතිචාරය

නොවැම්බර් 29 දිනට යෙදී තිබෙන ජාත්‍යන්තර පලස්තීන සහයෝගිතා දිනය නිමිත්තෙන් “පලස්තීනයට යුක්තිය, දක්ෂිණ ගෝලීය ප්‍රතිචාරය” යන තේමාව යටතේ සහයෝගිතා වැඩසටහනක් හා සම්මන්ත්‍රණයක් ඊයේ (29) දින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

මේ අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස BDS MOVEMNT හි දකුණු ආසියානු කලාපයේ සම්බන්ධීකාරක අපූර්වා ගෞතම් එක්වූ අතර පලස්තීන තානාපති සුහයිර් මොහොමඩ්, පලස්තීන සහයෝගීතා කමිටුවේ සභාපති, ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක, ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සම්බන්ධීකාරක, කුවේට් තානාපති, බංගලාදේශ මහ කොමසාරිස්, ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයන් රැසක් එක්වී සිටියහ.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩිලාන් පෙරේරා, රවුෆ් හකීම්, වීරසුමන වීරසිංහ, ඉම්තියාස් බකීර් මාකර් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ ඇතුළු පිරිසක්ද එක්වී සිටියහ.

සමාජවාදී තරුණ සංගමය නියෝජනය කරමින් සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර, සමාජවාදී තරුණ සංගමයේ ජාත්‍යන්තර කටයුතු ලේකම් අංජන අමරසිංහ, ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සම්මේලනයේ හිටපු උප සභාපතිනී මදූ කල්පනා මධුභාෂීනි ඇතුළු සමාජවාදී තරුණ සංගමයේ පිරිසක්ද ඊට එක්වී සිටියහ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *