මත්පැන් බලපත්‍ර අළුත් කිරීමේ සහ නොකිරීමේ බදු ප්‍රතිපත්තිය
එළඹෙන වසර සඳහා මත්පැන් බලපත්‍ර අලුත් කිරීමේ දී බලපත්‍රලාභීන් විසින් සියලු හිඟ බදු මුදල් ගෙවා අවසන් කළ යුතු බව දේශීය ආදායම් දෙපාර්තාමේන්තුව දැනුම් දී තිබේ.
එමෙන්ම බදු නිෂ්කාශන සහතිකය අතීතය මෙන් බලපත්‍රලාභීන් විසින් ඉදිරිපත් කිරීම නොව එය සෘජුවම සුරාබදු දෙපාර්තමේන්තුව වෙත යොමු කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ඒ අනුව බලපත්‍රලාභීන් ඔවුන්ගේ ප්‍රතිලාභ මත පදනම්ව අදායම් බදු, වැට් බදු සහ සමාජ ආරක්ෂණ බද්ද ගෙවීම අනිවාර්ය වේ.
එහෙත් ඔවුන් වෙනත් බදු සඳහා ලියාපදිංචි වී ඇත්නම් එම සහතිකය සුරක්ෂිත කිරීම සඳහා අදාළ ගෙවීම් නිෂ්කාශනය ඉදිරිපත් කළ යුතු බව සඳහන්ය.
සුරාබදු දෙපාර්තමේන්තුව මෙවර නව ක්‍රමයක් හඳුන්වා දෙමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් බදු නිශ්කාශන සහතික සෘජුවම දෙපාර්තමේන්තුව වෙත එවනු ලබන්නේ බලපත්‍රලාභීන් විසින් ඔවුන්ගේ අපේක්ෂිත බදු ගෙවීම් නිෂ්කාශනය කර අදාළ බදු ගෙවීම්වලට අනුකූල වීමෙන් පසුව බව වාර්තා වේ.
කෙසේ වෙතත් ඒ සඳහා තම බදු නිෂ්කාශන සහතිකය සෘජුවම සුරාබදු දෙපාර්තමේන්තුවට යැවීමට බලපත්‍රලාභීන්ගේ කැමැත්ත දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අවශ්‍ය බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

