Latestදේශීය

සුමින්ද සිරිසේන දිවි සැරිය නිමකරයි

ප්‍රවීණ රංගන ශිල්පි සුමින්ද සිරිසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද පෙරවරුවේ ඒ මහතා මිය යන ලදි.

මුහුදු පුත්තු නාටකයේ දියෝනිස් ගේ චරිතය රඟපාමින් ප්‍රසිද්ධ වේදිකාවට පැමිණි ඔහු සිංහබාහු , මේඝ, අන්දරේලා, ආනන්ද ජවනිකා, මීපුර වැසියෝ ,මනමේ ,මහාසාර ,රෝමය ගිනි ගනී ඇතුළු වේදිකා නාට්‍ය රැසක විවිධ චරිත නිරූපනයක කරන ලදි.  මිහිකතගේ දරුවෝ, කුමාරි හාමි, අසල්වැසියෝ ,හිරුට මුවාවෙන් ,චරිත තුනක් ,නිසල විල ,හද විල සක්මන ,රම්‍ය සුරම්‍ය වැනි ටෙලි නාට්‍ය වල ඔහු රඟපෑ චරිත වලින් කුසළතා පූර්ණ නළුවෙක් ලෙස ජනාදරයට පත් විය .  දුහුළු මලක් චිත්‍රපටයන් සිනමාවට පිවිසි සුමින්ද සිරිසේන මහතා සිටු කුමරියෝ ,සප්ත කන්‍යා, යකඩ පිහාටු වැනි චිත්‍රපටවල වල විවිධ චරිත නිරුපණය කරන ලදි.

මියයන විට සුමින්ද සිරිසේන මහතා 75වන වියේ පසුවිය.  

දේහය පිළිබඳ අවසන් කටයුතු දැනුම් පසුව දැනුම් දීමට නියමිතයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *