Latestදේශීය

නව කැළණි පාලම විටින් විට වසා දැමේ

(ඉන්දිකා රාමනායක)

අලුතින් ඉදිකරන ලද නව  කැලණි පාලමේ පරික්ෂා කිරීම් වෙනුවෙන් එම පාලම ඉදිරි දිනවල අවස්ථා කිහිපයක දීම වසා දැමීමට සිදුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා පවසයි.

ඒ අනුව ඉකුත් (1) දින රාත්‍රි 9.00 වසා දැමුණු නව කැළණි පාලම අද (4) අලුයම 6.00 ට විවෘත වන බවත්, මෙම මස 8 වැනි දින රාත්‍රි 9.00 යළි වසා දැමෙන පාලම 11දින පෙරවරු 6.00 ට විවෘත වන බව ද හෙතෙම කීය.

එලෙසම 15 දින යළි වසා දැමෙන පාලම 18 දින අලුයම 6.00 යළි විවෘත වන බවද පොලිස් මාධ්‍ය බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

වසා තැබෙන මෙම කාල තුළ රථවාහන තදබදයක් ඇති නොවන ආකාරයෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

නව කැළණි පාලම ඉදිවීමට ප්‍රථම භාවිතා කළ කැලණි පාළම ඔස්සේ රථවාහනවලට අධිවේගී මාර්ගයට පිවිසිය හැකි බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

@ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *