Latestදේශීය

දෙහිඅත්තකන්ඩිය ‌රෝහලේ ශල්‍යකර්ම ඇනහිටී

දෙහිඅත්තකන්ඩිය මූලික රෝහලේ සිටි එකම ශල්‍ය වෛද්‍යවරයා විදේශගත වීම හේතුවෙන් එම රෝහලේ සියලුම ශල්‍යකර්ම ඇනහිට තිබේ.

රෝහල් අධ්‍යක්ෂ විසින් මෙම තත්වය පිළිබඳව සෞඛ්‍ය බලධාරීන්ට ලිඛිතව දන්වමින් මෙම තත්වය බරපතළ ලෙස සලකා මෙයට පිළියම් යොදන ලෙස ඉල්ලා ඇතත් ඒ පිළිබඳව මෙතෙක් පියවරක් ගෙන නැත.

මේ වනවිට සැත්කම් 50ක් පමණ අත්හිටුවා ඇති බවත් ශල්‍යකර්ම කළ යුතු රෝගීන් දැඩි අසරණ තත්වයකට පත්ව ඇති බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉක්මනින්ම ශල්‍යකර්ම කළ යුතු රෝගීන් පොළොන්නරු හා අවට රෝහල වෙත යොමු කළද එම රෝහල්වලද පවතින තදබදය මත රෝගීන් දැඩි අපහසුතාවට පත්ව සිටිති.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *