Latestදේශීය

මාලිමාවේ කාන්තා විරෝධතාවයට ආන්ඩුවෙන් ජල ප්‍රහාර

මෙවර අයවැයෙන් ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයට වෙන් කර තිබෙන ප්‍රතිපාදන විශාල වශයෙන් කපා හැරීම ඇතුළු ආණ්ඩුව අනුගමනය කරමින් සිටින ක්‍රියාමාර්ග ගණනාවකට එරෙහිව ජාතික ජන බලවේගයේ කාන්තාවෝ පාර්ලිමේන්තු වටරවුම අසල පැවැත් වූ විරෝධතාවයට පොලිසිය ජල ප්‍රහාර එල්ල කර තිබේ.

මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිණි අමරසූරිය, අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය සහ සමාජවාදී කාන්තා සංගම, ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුව යන සංවිධාන සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් එක් වී සිටියෝය.

මෙම ජල ප්‍රහාරය එල්ල කරනු ලැබුවේ පවතින වැසි තත්වයද නොතකා සාමකාමීව දැක්වූ විරෝධතාවයටය.

කාන්තාවන් විශාල සංඛ්‍යාවකගේ සහභාගිත්වයෙන් ඊයේ (04) පැවති මෙම විරෝධතා ව්‍යාපාරය මැඩපැවැත්වීමට ආරක්ෂක අංශයේ විශාල පිරිසක් කැදවා තිබුණි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *